ශී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපනය නගා සිටවිය හැක්කේ කෙසේ ද ?

ඔබ දන්නවා ද?

සෑම මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයකම වසර අවසානයේ පවත්වන දරැදැරියන්ගේ විවිධ පසංගවල සාධන මට්ටම නිරීක්ෂණය කර බලන්න. වැඩි සාධන මට්ටමක් දැරිවියන් පදර්ශණය කරන අතර පිරිමි දරැවන්ගේ සාධන මට්ටම සාපේක්ෂව ඉතා පහළ මට්ටමක පවති. පුරැෂාධිපත්‍ය මුල් කරගත් සංස්කෘතියක් උරැමකර ගත් ශී ලාංකීක ජනසමාජයේ පිරිමි දරැවා කුරැවල් කරන්නේ මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපනයෙනි. වෘත්තීය සුදුසුකම් හා නිපුණතා රහිත ගුරැවරියන්ගෙන් මුල් ළමාවිය දරැවා තුළ ඵලදායි සංවර්ධනයක් අපේක්ෂා කළ නොහැක.  එබැවින්වි මුල් ළමාවිය අධ්‍යාපනයත් ගුරැ භුමිකාවත් වහා වහා ශක්තිමත් නොකළහොත් තව පරපුරවල් තුනක් යන විට බොල් සමාජයක් බවට මාතෘභුමිය පත්විම වැළැක්විය නොහැක. මේ ලිපි පෙළ අවබෝධයෙන් කියවා අවශ්‍ය නිවරදි කිරීම් කිරීමට දායක වන්න.

එක්සත් ජාතින්ගේ තිරසාර සංවර්ධන ඉලක්කවල 4.2 අනු ඉළක්කය වන්නේ පාථමික අධ්‍යාපනයට පෙර සැම දරැවෙකුටම ගුණාත්මක මුල් ළමාවිය සංවර්ධන අවස්ථාවක් සුරක්ෂිත කිරීම යන්නයි. නමුත් මේ අරමුණු ඉටුකර ගැනීම සදහා සතුටුදායක මට්ටමේ ඵලදායි වැඩසටහන් දියත් වනවා වෙනුවට බිම් මල් පිපෙන්නා සේ සහසම්බන්ධයක් නැති හුදකලා වැඩසටහන් පමණක් අහඹු ලෙස ලංකාව පුරා කියාත්මක වේ.

වසර 2017 දී ලෝක බැංකුව ශී ලංකාව සම්බන්ධව ඉදිරිිපත් කළ වාර්ර්්ථාථාවේන් පැහැදිලිව පෙන්වා දී තිබේන්නේ රටේ සංවර්ධනයක් අපේක්ෂා කරන්නේ නම් මුල් ළමාවිය අධ්‍යාපනය සංවර්ධනය සදහා ඉහළම පමුඛතාවක් දිය යුතු බවය.

සෑම වසරක ම මෙන්ම පසුගිය වසර ද මුදල් ඇමතිවරයා අයවැය ලේඛනය මගින් මුල් ළමාවිය දියුණු කළ යුතු බව අවධාරණය කරන ලදි. විශ්ව විද්‍යාල ශිෂ්‍ය පජාවෙන් 50% කට වඩා වැඩි පතිශතය කාන්තාවන් වුවද ශම වෙළදපොළේ කාන්තා දායකත්වය 30% කට වඩා අවම බවත් එයට පධානතම හේතුව ගුණාත්මක මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන රට තුළ නොමැති වීම බව දක්ටවා තිබිනි.

උක්ත ගැටළුවට පධාන විසදුම් දෙකක් පසුගිය රජය යොජනා කරන ලදි.

  1. ගුණාත්මක මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් ආරම්භ කරන්නේ නම් ජාතික වෘත්තීය සුදුසුකම් සහිත ගුරැවරියකට එක වසරක සහන කාළයක් හා පොළියෙන් 50% රජය ගෙවීම මත රැ ලක්ෂ 20 ක ණය මුදලක් ද දිවා සුරකුම් මධ්‍යස්ථාන අරබන්නේ නම් ‍පොළියෙන් 75% රජය ගෙවීමේ පදනම මත හා වසර දෙකක සහන කාලයක් සහිතව රැපියල්  ලක්ෂ 35 ක ණය මුදලක් ලබාදීම.
  2. දිවා සුරකුම් මධ්‍යස්ථාන 20,000 ක් ආරම්භ කිරීමට හා දිවා සුරකුම් පිළිබද ගුරැවරියන් 10,000 ක් නොමිලේ පුහුණුකිරීමේ ව්‍යපෘතිය – මෙම වැඩසටහන ආරම්භ කිරිීමට රජයට නොහැකි විය.

මෙම වැඩසටහන් දෙකම පසුගිය රජයට කියාත්රමක කර ගැනීමට නොහැකි විය. 

වර්ථමාන ජනාධිපතිවරයාගේ සෞභාග්‍ය දැක්මේ අරමුණ දයාව , කරැණාව, මෛතිය හුරැ කරන අන්තර්ජාතික මට්ටමේ මුල් ළමාවිය අධ්‍යාපනයක් සෑම දරැවෙකුටම ලබාදීමයි. එම අරමුණ ඉටු කර ගත හැක්කේ කෙසේද?

  1. මුල් ළමාවිය සංවර්ධන කාර්යේ නිරතවන ගුරැවරියන්ට විධිමත් පුහුණුවක් ලබා දී නිපුණතා පිරි හා වෘත්තීය සුදුසුකම් සහිත මුල් ළමාවිය සංවර්ධන ගුරැවරියන්  ගොඩ නැංවීමෙන්.
  2. දිවයිනේ සියළුම මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානවල දරැවන්ට ආදරය, කරැණාව, දයාව හුරැකරණ, නිර්මාණශීලීත්වය හා පරිකල්පන ශක්තිය දියණු කරන ස්වාධීනව වැඩකල හැකි අභීමානවත් කියාශීලි හා සෞඛ්‍යසම්පන්න ජාතියන්තරයට ගැලපෙන දරැ පරපුරක් ගොඩනැගීමට අතැබුලක් සේ මගපෙන්වීම ලබාගත හැකි යාන්තනයක් සකස් කිරීමෙනි. (එසේ නොමැතිව එක ගමකට අංග සම්පුර්ණ පෙර පාසල් දෙක බැගින් ආරම්භ කිරීීමකින් පමණක් ඉහත ගැටළුවට විසදුම් සෙවිය නොහැක.)

මෙම විසදුම් දෙක දියත් කිරීම සදහා රජය ගත යුතු කියා මාර්ග මොනවා ද?

  1.  ම්ල් ළමාවිය රැකවරණය පිළිබද සුදුසුකම් මට්ටම්, ජාතික නිපුණතා සම්මතයන්, විෂයමාලා, සම්මත ඇගයීම් මගපෙන්වීම් හා පාඩම් සැලසුම් සකස් කර රටට අවශ්‍ය මග පෙන්වීම ලබාදීම.
  2. මුල් ළමාවිය ගුරැ අධ්‍යාපනය සදහා නියමිත පමිතියෙන් යුත් ගුණාත්මක පුහුණු පාඨමාලා පැවැත්වීමට නෛතික පසුබිම සකස් කිරීම
  3. ඇගයීම් කටයුතු විධිමත් පරිදි නියමිත පමිතියකින් යුතුව විනිවිද හාවයකින් පැවැත්වීම.

 

 උක්ත කාරණා තුන ම සතුටුදායක මට්ටමින් නොමැතිවීම අප රටේ මුල් ළමාවිය සංවර්ධන අධ්‍යාපනයට තිබෙන පධාන ගැටළුවයි. ගුරැ භූමිකාව ශක්තිමත් කිරීමටත් දරැවන්ගේ මුල් ළමාවිය ගුණාත්මකව ගොඩ නැංවීමටත් ගෙවිගිය කාල වකවානුව තුළ කිසිදු රජයකටම සාර්ථකව දියත් කිරීමට නොහැකි විය. 

එහි පතිඵල ලෙස

01. ලංකාවේ මුල් ළමාවිය අධ්‍යාපනයේ අපේක්ෂිත ඵල ඉතා පහළ මට්ටමක පැවැතීම යි.

02. මුල් ළමාවිය සංවර්ධන මධ්ස්ථානවල පමිතිය ඉතා පහළ මට්නටමක පැවතීම.

03. වෘත්තීයක් ලෙස ඉතා පහළ මට්ටමේ වරපසාද හා අයිතිවාසිකම් ලැබෙන නමුත් අසීමිත කැපකිරීමක් කරන ගුරැ පරපුරක් ගොඩනැගී තිබීම.

04. මුල් ළමාවිය අධයාපනය කෙරෙහි තරැණ තරැණියන් අතර උනන්දුව හීන වීම

05. එක් අතුරැ පතිඵලයක් ලෙස ලෝකයේ රටවල් 192 ක කියාත්මක වන යුනිසෙප් ආයතනය නිල ලාංජනයෙන් පවා ලංකාව සම්බන්ධව කටයුතු කරන විට නිල ලාංජනයේ මවගේ රැපය ඉවත් කර කටයුතු කිරීමයි. එයට පධානතම හේතුව  මුල් ලමාවිය දරැවන්ට වඩා හොදින් සලකන්න ලංකාවේ දෙමාපියන්අට හා වැඩිහිටියන්ට වැඩි අවධානයක්ට ඇති කරවීම ලෙස දන්වා ඇත. 

ලංකාවේ මුල් ළමාවිය අධ්‍යාපනයේ පවතින ගැටළු සවිස්තරාත්මකව සාකච්චා කිරීම හා විසදුම් පහත මාතෘකා තුන යටතේ පහත දැක්වේයි .

  1.  මුල් ළමාවිය රැකවරණය පිළිබද සුදුසුකම් මට්ටම්, ජාතික නිපුණතා සම්මතයන්, විෂයමාලා වල පවතින ගැටළු හා යොජිත විසදුම්.
  2. මුල් ළමාවිය ගුරැ අධ්‍යාපනයේ පවතින ගැටළු හා යොජිත විසදුම්.
  3. ඇගයීම් කටයුතුවල පවතින ගැටළු හා යොජිත විසදුම්..

මේ කාරණා  සම්බන්ධව ලිපි තුනක් වෙන වෙනම ලියවෙමින් පවතින අතර එයට ඇතුළු කළ යුතු ඔබගේ අදහස් හා යෝජනා තිබේනම් නොපමාව jkamalgoda@gmail.com වෙත එවන්න.

මතු සම්බන්ධයි…

ජානක කමල්ගොඩ

පධාන විධායක නිළධාරී

දකුණු ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනය

2020.01.30

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *