Assignments list for Group 106 to 113

 South Asian International Institute of Higher Education
 Diploma in Early Childhood Care and Development
 Assignment list for Part II – (From Group 106  to Group 113)
 Published on – 23 July 2019
MonthIndirect Contact Hours – 150 (Theory)
1මුල් ළමාවිය දරුවන්ගේ සමස්ථ සංවර්ධනට අදාල වන ප්‍රමිතීන්ට දරුවන් ළගා වී ඇත්දැයි බැලීම සදහා ළමා තක්සේරැ ඇගයීම් පත්‍රිකාව යොදාගෙන අවම වශයෙන් දරුවන් 10 දෙනෙකු ඇගයීම් කර තක්සේරු වාර්ථාවක් සකස් කරන්න.  (විෂය – තක්සේරැව හා ඇගයීම – ලකුණු 30 – අධ්‍යයන පැය – 25)
2වර්ෂ 2020 සදහා ඵලදායි හා කාර්යක්ෂම මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් සකස් කර ගන්නේ කෙසේද යන්න පෙන්වා දීමට ගුරු මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කරන්න.  
(විෂය – මධ්‍යස්ථාන කළමනාකරණය  – ලකුණු 30 – අධ්‍යයන පැය – 25)
3මුල් ළමාවිය ජාතික ප්‍රමිතියට අනුව දරුවාගේ සමස්ථ සංවර්ධනය සඳහා අදාල වන සංවර්ධන අංශ, අනු අංශ හා සුවිශේෂී අංශ වලින් එක් අංශයක් තෝරාගෙන පර්යේෂණාත්මකව අධ්‍යයනය කළ හැකි ගැටළුවක් හදුනාගන්න. පර්යේෂණ නිබන්ධනයේ පළමු පරිච්ජේදය සම්පුර්ණ කරන්න. (විෂය – පර්යේෂන නිබන්ධන  – ලකුණු 15 – අධ්‍යයන පැය – 20) 
4පර්යේෂණ නිබන්ධනය සදහා තෝරාගත් ගැටළුවට අදාල විවිධ විද්වතුන්ගේ මත හා අදාල ශ්‍රාස්ත්‍රීය  කරුණු අඩංගු කර පර්යේෂණ නිබන්ධනයේ දෙවන පරිච්ජේදය – සාහිත්‍ය විමර්ශනය  සම්පුර්ණ කරන්න. (විෂය – පර්යේෂණ නිබන්ධන – ලකුණු 25 – අධ්‍යයන පැය – 20) 
5පර්යේෂණ නිබන්ධනය සදහා තෝරාගත් ගැටළුවට අදාල සැලසුම් කළ ක්‍රමවේද හා මැදිහත්වීම් පැහැදිලි කරමින් තෙවන පරිච්ජේදය සම්පුර්ණ කරන්න.  (විෂය – පර්යේෂණ නිබන්ධන  – ලකුණු 15 – අධ්‍යයන පැය – 20) 
6පර්යේෂණ නිබන්ධනය සදහා තෝරාගත් ගැටළුවට අදාලව දත්ත විශ්ලේෂණය හා ඒ පිළිබද ප්‍රත්‍යාවේශන පැහැදිලි කරමින්  පර්යේෂණ නිබන්ධනයේ හතරවන පරිච්ජේදය සම්පුර්ණ කරන්න. (විෂය – පර්යේෂණ නිබන්ධන – ලකුණු 25 – අධ්‍යයන පැය – 20) 
7පර්යේෂණ නිබන්ධනය සදහා තෝරාගත් ගැටළුවට අදාලව සිදුකළ අධ්‍යයන ඔස්සේ ඔබගේ අදහස් නිගමන හා යෝජනා අඩංගු කර පර්යේෂණ නිබන්ධනයේ පස්වන පරිච්ජේදය සම්පුර්ණ කරන්න. (විෂය – පර්යේෂණ නිබන්ධන  – ලකුණු 15 – අධ්‍යයන පැය – 20) 

පරිගණකගත කර ‍හෝ පැහැදිලි අත් අකුරින් සකස් කරන්න. පැවරැම් ප්‍රමිතිය A4 size, single side, 12 pts, 1.5 line space. 1” margin, Hard binding  

දෙවන වාර අවසාන විභාගය පැවැත්වෙන දින බාරදිය යුතු ය.

 South Asian International Institute of Higher Education
 Diploma in Early Childhood Care and Development
 Assignment list for Part II – 
 Published on – 23 July 2019
MonthIndirect Contact Hours – 150 Hours (Practical)
1මුල් ළමාවිය දරුවන්ගේ දල චාලක කුසලතා සංවර්ධනය සඳහා සුදුසු ක්‍රියාකාරකම් පොතක් සකස් කරන්න.  (විෂය – විෂයමාලා හා කියාකාරකම් – ලකුණු 10 – අධ්‍යයන පැය – 15) 
2මුල් ළමාවිය දරුවන්ගේ සමාජීය හා චිත්තවේග  කුසලතා සංවර්ධනයට අදාල අනු අංශ හා සුවිශේෂී අංශ සංවර්ධනයට සුදුසු ක්‍රියාකාරකම් පොතක් සකස් කරන්න. (විෂය – විෂයමාලා හා කියාකාරකම්  – ලකුණු 10 – අධ්‍යයන පැය – 15) 
3මුල් ළමාවිය දරුවන්ගේ භාෂාව හා මුල් කාලීන සාක්ෂරතා කුසලතා සංවර්ධනය සදහා උචිත පාඩම් සැලසුම් 8 ක් සකස් කරන්න. (විෂය – පායෝගික ගුරැ පුහුණුව  – ලකුණු 8 – අධ්‍යයන පැය – 20)  
4මුල් ළමාවිය දරුවන්ගේ ප්‍රජානන  කුසලතා සංවර්ධනය සදහා උචිත පාඩම් සැලසුම් 8 ක් සකස් කරන්න. (විෂය – පායෝගික ගුරැ පුහුණුව  – ලකුණු 8 – අධ්‍යයන පැය – 20)  
5මුල් ළමාවිය දරුවන්ගේ සාමාජීය හා චිත්තවේග  කුසලතා සංවර්ධනය සදහා උචිත පාඩම් සැලසුම් 8 ක් සකස් කරන්න. (විෂය – පායෝගික ගුරැ පුහුණුව  – ලකුණු 8 – අධ්‍යයන පැය – 20)  
6මුල් ළමාවිය දරුවන්ගේ සෞඛ්‍ය හා චාලක කුසලතා සංවර්ධනය සදහා උචිත පාඩම් සැලසුම් 8 ක් සකස් කරන්න. (විෂය – පායෝගික ගුරැ පුහුණුව  – ලකුණු 8 – අධ්‍යයන පැය – 20)  
7මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක දරුවන්ගේ සමස්ත සංවර්ධනය සදහා ක්‍රියාකාරකම් සිදුකිරීම සදහා උචිත ඉගෙනුම් ආධාරක ගොණුවක් සකස් කරන්න.  (විෂය – පායෝගික ගුරැ පුහුණුව – ලකුණු 18 – අධ්‍යයන පැය – 35)  
 ප්‍රායෝගික පුහුණුව ලැබු පෙර පාසලේ අධික්ෂණ ගුරුතුමිය ලවා සියළුම  නිර්මාණ පොත් හා පාඩම් සැලසුම් නිර්දේශ කරවා පෙර පාසලේ මුද්‍රාව සෑම පොතකම සටහන් කරවා තිබිය යුතුය.
 පාඩම් සැලසුම් 32 ප්‍රායෝගික ගුරු පුහුණු පරික්ෂණය දින රැගෙන ආ යුතු ය. 
  සෙසු සියළුම නිර්මාණ හා ක්‍රියාකාරකම් පොත් මුල් ළමාවිය විෂයමාලාව හා කියාකාරකම් පිළිබද ප්‍රායෝගික පරීක්ෂණය පැවැත්වෙන දින ඉදිරිපත් කළ යුතු ය.

අවසාන විභාගය ප‍්‍රායෝගික ගුරු පුහුණුව

දකුණු ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනය මෙහෙය වු මුල් ළමාවිය රැුකවරණය හා                          සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ අවසාන විභාගය දෙවන කොටසට නියමිත ප‍්‍රායෝගික ගුරු පුහුණුවට අදාල විස්තර පහත දැක් වේ. 

ප‍්‍රායෝගික ගුරු පුහුණු පරික්‍ෂණය ………… දින ………………………………දි පෙරවරු 8.00 ට පැවැත්වේ. මෙම පරීක්‍ෂණය සඳහා පහත සඳහන් දෑ රැගෙන ආ යුතුය. 

 ෆ කැමති මාතෘකාවක් ඔස්සේ පෙර පාසල් දරුවන්ට විනාඩි 20 උපරිමයකට යටත්ව පාඩමක් /  ක‍්‍රියාකාරකමක් ඉදිරිපත් කළ යුතුය. එහිදි ළදරු පංතිය (Baby Class)   හෝ ඉහළ පංතිය (Upper  Class)   යන පංතියට ඉගැන්විමට සුදානම් විය යුතුය. 

මෙහිදි පහත සඳහන් දෑ රැගෙන ආ යුතුය.

1. පිටපත් දෙකකින් යුතුව(Baby Class) එක සඳහා සකස් කළ පාඩම් සැලැස්ම 

2. පිටපත් දෙකකින් යුතුව (Upper  Class) එක සඳහා සකස් කළ පාඩම් සැලැස්ම 

3. පාඩම ඉදිරිපත් කිරිම සඳහා අවශ්‍ය ඉගෙනුම් ආධාරක (ළමයින් 25 සඳහා) 

4. අවම වශයෙන් මාස තුනක සේවා සහතිකය හා එහි ඡුායා පිටපතක් (පෙර පාසලේ ලිපි ශිර්ෂය හෝ රබර් මුද්‍රාව තිබිය යුතුය.) 

5. පෙර පාසලේ ප‍්‍රායෝගික පුහුණු කාලය තුළ දෛනික කටයුතු සටහන් කල ශිෂ්‍ය වාර්තා පොත

6. පාඩම් සැලසුම් 36 සහිත පාඩම් සැලසුම් පොත.

7. පෙර පාසලේ ඉගෙනුම් ඉගැන්විම් කි‍්‍රයාවලියේ නිරත වු බව සනාථ කිරීම. (ජායාරූප, ඉගෙනුම් ආධාරක, 

    පිළිගත හැකි වෙනත් සාක්‍ෂි)

8. ආයතනයේ බාහිර කි‍්‍රයාකාරකම් සහ අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධනය සඳහා සමාජීය දායකත්වය                 

   (ජායාරූප, සහතිකපත‍්‍ර)

අවසාන විභාගය – විෂයමාලාව හා කි‍්‍රයාකාරකම් ප‍්‍රායෝගික පරීක්‍ෂණය 

දකුණු ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනය මෙහෙය වු මුල් ළමාවිය රැකවරණය හා                            සංවර්ධනය පිළිබඳ ඩිප්ලෝමා පාඨමාලාවේ මුල් ළමාවිය සංවර්ධන විෂයමාලාව හා කි‍්‍රයාකාරකම් විෂයට අදාල ඇගයීම් කි‍්‍රයාවලියේ විස්තර පහත දැක් වේ. 

මුල් ළමාවිය සංවර්ධන විෂයමාලාව හා කි‍්‍රයාකාරකම් විෂයට අදාල ප‍්‍රායෝගික පරික්‍ෂණය …………….. දින ……………………………දි පෙරවරු 8.30 සිට පස්වරු 4.00 දක්වා පැවැත්වේ. මෙහිදි නිර්මාණ ක‍්‍රියාකාරකම් සකස් කිරීම හා ප‍්‍රායෝගික ඉදිරිපත් කිරීම් යන අංශ යටතේ් ප‍්‍රායෝගික පරික්‍ෂණයක් පැවැත්වෙනු ඇත. 

01. නිර්මාණ ක‍්‍රියාකාරකම්

1. මනෝ චාලක කි‍්‍රයාකාරකම් වලට අදාල නිර්මාණ –  ( ඇට වර්ග, අපතේ යන දැ, (උදා – තේ කුඩු) , පරිසර ආශි‍්‍රත ශාක ද්‍රව්‍ය උදා- වියළි මල්, ශාක පත‍්‍ර, ශාක මුල් ආදි අවශ්‍ය අමු ද්‍රව්‍ය )

2. චිත‍්‍ර වලට අදාල නිර්මාණ – ( දිය සායම්, පැස්ටල්, අවශ්‍ය කොළ හා අනෙකුත් අමු ද්‍රව්‍ය )

3. ඇඹීමට අදාල නිර්මාණ –  ( මැටි, පාන්පිටි, මිශ‍්‍රන කඩදාසි, පල්ප ආදි අමු ද්‍රව්‍ය )

4. ආකෘති නිර්මාණ  – ( ගිනි පෙට්ටි, හිස් පෙට්ටි ආදි අමු ද්‍රව්‍ය )

5. ආදේශ සංගීත භාණ්ඩ නිර්මාණය කිරීම – ( අවශ්‍ය අමු ද්‍රව්‍ය රැගෙන ආ යුතුය )

ප‍්‍රායෝගික පරික්‍ෂණයේදී දෙනු ලබන මාතෘකාවලට අදාලව නිර්මාණශීලි නිදහස් නිර්මාණ කිරීමට අවස්ථාව ලබා දෙන හෙයින් අවශ්‍ය අමු ද්‍රව්‍ය තම අභිමතය පරිදි සූදානම් කර ගත හැක. 

පාඨමාලා කාලය තුළ ඔබ විසින් සකස් කර ඇති මුල් ළමාවිය සංවර්ධන විෂයමාලාව හා කි‍්‍රයාකාරකම් විෂයට අදාල පැවරුම් ලේඛන වල සදහන් පොත් (නිර්මාණ පොත්, චිත‍්‍ර පොත, සෞන්දර්ය කුසලතා සංවර්ධනය සඳහා ගීත පොත්) සහ ඉගෙනුම් ආධාරක සියල්ල රැගෙන ආ යුතුය. පරික්‍ෂකවරයා විසින් එම පොත් පරික්‍ෂාවට ලක් කොට ලකුණු ලබා දෙනු ඇත. 

02. ප‍්‍රායෝගික ඉදිරිපත් කිරීම්

1. පංති කාමර ඉදිරිපත් කිරිම (ගායන, රංගන) කුසලතාවලින් සමන්විත විය යුතුය.

2. සෞන්දර්්‍යය ඉදිරිපත් කිරීම් හා සංවර්ධන අංශ වලට අදාළව ලබා දෙන මාතෘකා ඔස්සේ ඉදිරිපත් කිරීම් සිදු කළ යුතුය.

………………………………………………………………………………………………………………………………………………………

අවසාන විභාගය – පර්යේෂණ නිබන්ධනය 

ගුරු සිසු සිසුවියන් හා කථිකාචාර්යවරු ඉදිරියේ ඔබගේ පර්යේෂණ නිබන්ධනයේ අන්තර්ගතය පිළිබද ඉදිරිපත් කිරීමක් කළ යුතුය. Power point prasantaion එකක් කරන්නේ නම් ඉදිරිපත් කිරීමට දින තුනකට පෙර prasantaion එක saiihegm@gmail.com ලිපිනයට විද්‍යුත් තැපෑලෙන් එවිය යුතුය. සෑම සිසු සිසුවියකටම විනාඩි 25 ක කාලයක් ඉදිරිපත් කිරීම සදහා ලබා දෙනු ඇත.

දෙවන වාරය අවසාන විභාගය පවත්වා මාස 02 ක් ඇතුළත ඉහත දැක්වූ සියලු ප්‍රාෙයා්ගික පරීක්ෂණ පවත්වා අවසන් කරයි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *