Western Province

Western Province

Links 
 
බස්නාහිර පලාතේ පෙර පාසල් ගුරැවරියන්ට….

 

 

ඔබට අවශ්‍ය මග පෙන්වීම හා උපදෙස් මෙහි පළකරනු ඇත.

 

 

කොරෝනා නිසා මුළු රටම අකර්මන්‍ය වු අවස්ථාවක බස්නාහිර පළාතේ පෙර පාසල් ගුරැවරියන් නගාසිටවීමට  RPL හරහා NVQ 4 වන මට්ටම නොමිලේ ලබාදීමේවැඩසටහන සදහා දැඩි කැපවීමෙන් පුරෝගාමිව කටයුතු කළේ බස්නාහිර පළාත් පෙර පාසල් ඒ්කකයේ අධ්‍යක්ෂ මහින්ද කොඩිතුවක්කු මහතා ය. ලිඛිත හා ප්‍රයෝගික විභාග සමත්වීම සදහා අවශ්‍ය සියළු දැනුම ශත පහක වැයකිරීමකින් තොරව SAIIHE ආයතනයේ  Youtube  නාලිකාව හරහා දිවයිනේ සිටින සියළුම පෙර පාසල් ගුරුවරියන්ට මුළුමනින්ම නොමිලේ ලබා ගත හැක.

විවිධවංචනික පුද්ගලයින් NVQ ලිඛිත විභාගයට සුදානම් කරවීමට යැයි පවසමින් මුදල් අයකරමින් එක් දින සම්මන්ත්‍රණ මාලාවක් හරහා මුදල් ගරාගැනීමේ වංචනික උත්සාහයක නිරත වන බව දැන ගන්නට ලැබි ඇත.

ඔබට RPL හරහා NVQ 4 ලබාගැනීමට අවශ්‍ය සම්පුර්ණ මගපෙන්වීම බස්නාහිර පළාත් පෙර පාසල් ඒකකයේ අධ්‍යක්ෂතුමා ලබාදෙන අතර වංචනිකයන්ගේ සම්මන්ත්‍රණවලට හසුනොවන ලෙස දන්වා සිටිමු.

මේ පිළිබදව කවර හෝ තොරතුරක්  ලද හොත් අප වෙත දන්වන ලෙස ද ඉල්ලා සිටිමු.  

SAIIHE ආයතනය බස්නාහිර පළාතේ මුල් ළමාවිය සංවර්ධන ගුරුවරියන්ට කරන සේවයක් ලෙස RPL හරහා NVQ ලබාගැනීමට අවශ්‍ය දැනුම හා උපරිම සහාය ලබාදෙයි. නමුත් SAIIHE ආයතනයට මේ වැඩසටහන සම්බන්ධව නිරන්තරයෙන්  බොහෝ දුරකථන ඇමතු පෙර පාසල් ගුරුවරියන්ගෙන් එනවිට එය ආයතනයේ සාමාන්‍ය කටයුතුවලට විශාල බාධාවක් වේ.  පෙර පාසල් ගුරැවරියන්ගේ ගැටළු/ප්‍රශ්ණ/අවශ්‍යතා ඔවුනගේ  කොට්ඨාශය බාර සංවර්ධන නිළධාරීන්ට දැනුම් දෙන ලෙස උපදෙස් දුනි. සංවර්ධන නිලධාරීන් මෙම වැඩසටහනට අදාල සියලු ගැටළු/අවශ්‍යතා බස්නාහිර පළාත් පෙර පාසල් ඒ්කකයේ අධ්‍යක්ෂතුමාට දැනුම් දුන් විට ඒතුමා  SAIIHE ආයතනය හා සන්නිවේදනය කරගනිමින් අවශ්‍ය පිළියම් යොදනු ඇත. පෙර පාසල් ගුරුවරියන් තමන්ට අදාල ඔ්නෑම ගැටළුවක්/පැහැදිලි කර ගැනිමක් තම කොට්ඨාශ බාර සංවර්ධන නිළධාරී මහතා/මහත්මියට දැනුම් දෙන්න. සංවර්ධන නිළධාරීන් ඔබගේ සියළු  ගැටළුවක්/පැහැදිලි කර ගැනිම් මහින්ද කොඩිතුවක්කු මහතා හරහා ආයතනය හා සාකච්චා කර අවශ්‍ය  පිළියම් යොදනු ඇත.  ඒයට අමතරව ඔබගේ  අදහස්/යෝජනා/චෝදනා ඇතුළු කිරීමට  පොරමයක් ඉහත දක්වා ඇත.  ඒහි ඔබ සදහන් කරන කරැණුවලට ආයතනය පිළිතුරු සතිය අවසානයේදී ලබා දෙනු ඇත. මහින්ද කොඩිතුවක්කු මහතා ලබාදුන් මෙම උපදෙස් අනුගමනය කිරීමට අපි සැම වගබලාගමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>