Special Revision Examination – 2022 January

දකුණු ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනයේ මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කළ ගුරු සිසුවියන් සදහා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය 2022 වසරේ මුල් මාස කිහිපය තුළ පැවැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.

ඩිප්ලෝමා සහතික ලබා ගැනීම සදහා සියලු විෂයයන් සමත් වීම අනිවාර්්‍යය අවශ්‍යතාවයකි. 2020 මාර්තු මුල සිට පැවැති කොරෝනා ව්‍යවසනය හේතුවෙන් පාඨමාලාව සම්පූර්ණ කර ගැනීමට නොහැකි වූ සිසුන්ට සහනයක් සලසා දීම සදහා ජනවාරි මස අවසානයේ පළමු කොටස හා දෙවන කොටස සදහා අන්තර්ජාලය හරහා පුනරීක්ෂණ විභාග දෙකක් පැවැත්වීමටත් පර්යේෂණ නිබන්ධනය භාර නොදුන් සිසුන් සදහා ලිඛිත ප්‍රශ්න පත්‍රයක් ලබා දීමටත් ආයතනය සැලසුම් කර ඇත. ප්‍රායෝගික ගුරු පුහුණු පරීක්ෂණයට ඉදිරිපත් නොවූ සිසුන්ට අන්තර්ජාලය හරහා තම ප්‍රායෝගික පරීක්ෂණය ඉදිරිපත් කිරීමට අවස්ථාව ඇත.

ඔබ විභාගයට පෙනී සිටින්නේ නම් සම්පුර්ණ නොකළ එක විෂයයකට රැ 500 බැගින් විභාග ගාස්තු මහජන බැංකුවේ අංක 097100150007740 දරණ දකුණු ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතන ගිණුමට දිවයිනේ පිහිටි ඕනෑම මහජන බැංකු ශාඛාවකින් හෝ මුදල් තැන්පත් කිරීමේ යන්තයක් හරහා හෝ අන්තරජාලය හරහා ගෙවා පහත දැක්වෙන විභාග අයදුම් පත 2021.12.23 දිනට පෙර යොමු කළ යුතුය. අවසාන දිනෙන් පසු අයදුම් පත් යොමු කරන සිසුන් සදහා ජනවාරි මස පැවිත්මට සැලසුම් කර අති පුනරීක්ෂණ විභාගයට හෝ ඩිප්ලෝමා ප්‍රදානෝත්සවය සහභාගී වීමට අවස්ථාව නොලැබෙනු ඇත.  

මේ පිළිබද වැඩි විස්තර දැන ගැනීමට අවශ්‍ය නම් 0727573044 අංකයට උය්එි්චච පණිවිඩයක් පමණක් යොමු කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>