Western Province
Links
- ඔබගේ අන්තර්ජාලය හරහා ඒවන ලද ඔබගේ අයදුම්පත් ලැබී ඇත්දැයි දැනගැනීමට මෙම Link මත Click කරන්න.
- NVQ (Level 4) RPL සදහා අයදුම්කළ ගුරැවරියන්ගේ විස්තර නාම ලේඛනයේ නැත්නම් නැවත ඇතුළු කිරීමට හෝ ඇතුළත් කළ තොරතුරු වල විස්තර සංශෝධනය කිරීමට පිවිසෙන්න.
- දේශනවල අන්තර්ගතය ගොණු කර ඇති මාර්ගෝපදේශණ සංග්‍රහ මිලදී ගැනීම සදහා
- NVQ 4 වන මට්ටම RPL හරහා ලබාගැනීමට අයදුම්පත
- අදහස්, යෝජනා, චෝදනා සදහා පිවිසුම Click this link for any comment or any clarification
- Upload Videos to Saiihe’s YouTube Playlist (පැවරුම් SAIIHE හි youTube Playlist ඒකට Upload කිරීම සදහා පිවිසෙන්න.)
බස්නාහිර පලාතේ පෙර පාසල් ගුරැවරියන්ට….
ඔබට අවශ්‍ය මග පෙන්වීම හා උපදෙස් මෙහි පළකරනු ඇත.
- අප පළමුව ඔබට දේශණ ලබාදීමට උත්සුක වුවෙමු. දේශණ සියල්ලම පාහේ පටිගත කර අවසන් බව සතුටින් දන්වා සිටිමි. සති සැලසුම්, පාඩම් සැලසුම් වැනි තව වැදගත් දේශණ කිහිපයක් ඉදිරි දිනවල පළවනු ඇත.
- ඔබ පෙර පාසල් ඒ්කකයට තැපල් කර ඒවු අයදුම්පත් හා online ලේඛනය NAITA ආයතනයට බාර දී ඇත. NAITA ආයතනය එම අයදුම්පත් පරීක්ෂා කර බලා විභාගය සදහා TVEC ආයතනයේ වෙබ් අඩවියට ඇතුළත් කිිිිිරීම මෙම දිනවල සිදු කරයි. විගාගය සදහා සුදානම් වන්න.
- අප ආයතනය පවත්වන මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබද ඩිප්ලෝමා පාඨමාලාව NVQ (Pre School) Level 4 විෂයමාලාවලාව ආවරණය කරයි. ඒබැවින් අප ආයතනය පැවැත් වූ අවසාන විභාගවලට නිවරදිව පිළිතුරු ලබාදිය හැකි නම් ඔබට නිසැකව NVQ ලිඛිත විභාගය සමත්වීමට හැකියාව ඇත. මෙම Link මත Click කර ආයතනයේ පසුගිය ප්‍රශ්ණ පත්‍ර ලබාගන්න. පිළිතුරැ ලියන්න උත්සහා ගන්න.
- ලිඛිත විභාගය සදහා දින නියම කළ විට අන්තර්ජාලය හරහා දේශණ පැවැත් වූ කථිකාචාර්යවරු හරහා අවසානයේ සජීවිව පුනරීක්ෂණ දේශණ කිහිපයක් පැවැත්වීමට ද පෙරහුරු විභාග කිහිපයක් අන්තර්ජාලය හරහා සජීවිව පැවැත්වීමට ද අපේක්ෂිතය.
- ඔබට දේශණ අතරතුර ලබාදුන් පැවරැම් විඩියෝ ලෙස මෙම Link ඒක මත Click කර upload කරන්න. ඒම සියළු පැවරැම් youtube නාලිකාවට upload කිිිිිරීම ඉදිරි දින කිහිපය තුළ සිදුකරනු ලැබේ.
-
බොහෝ දෙනාගේ ඉල්ලීම මත NVQ (Pre School) Level 4 විෂයමාලාව ආවරණය වන පරිදි අප පැවැත් වු දේශණ සියල්ලේ අන්තර්ගත මුදිත පොත මිලදීගැනීමට අවශ්‍ය නම් ඉල්ලුම් කරන ලෙස දන්වා සිටියෙමි. ඒ සදහා වැයවන පිරිවැය බැංකුවට ගෙවන ලෙස දන්වා සිටියෙමි. පොත් ඇනවුම් කිරීම සදහා මේ අකුරුු මත click කරන්න .
- පහත දැක්වෙන්නේ ආසන 5000 ක් ඇති සුගතදාස ගෘහස්ත කීඩාංගණයයි. ඔක්තෝබර් මස යෙදෙන ලෝක ගුරැ දිනයට සමාන්තරව අන්තර්ජාලය ඔස්සේ දේශණවලට සහභාගි වු ඔබෙ සියළු දෙනාගේ සහභාගීත්වයෙන් බස්නාහිර පළාත් පෙර පාසල් ඒකකය හා අප ආයතනය ඒක්ව ඔබගේ හැකියා ලෝකයට විදහා දැක්වීමට සංස්කෘතික කළා මංගල්‍යයක් පැවැත්වීමට අපේක්ෂා කරන්නෙමු. ඒහිදි පහත අංග සිදුකිරීමට අපේක්ෂිතය.
- මෙම Link ඒක මත Click කළ විට පැවරැම් ලේඛනයක් ඔබට ප්රදර්ශණ්ය වනු ඇත. (ඒම පැවරැම් සියල්ල ඔබ විසින් කල විට ඔබ නිසැකවම NVQ 4 වන මට්ටමට අදාල දැනුමෙන් ඔබ සන්නද්ධ වනු ඇත.) පැවරැම් සියල්ල සිදු කළ යුතු ආකාරය පැහැදිලිව දක්ව ඇත. ඔම උපදෙස් අනුව මේ මත Click කර ලබාගන්නා පැවරැම් සියල්ල සිදු කරන්න. උත්සවයේදී හොදම පැවරැම් සදහා සම්මාන හා සහතික ප්‍රධානය කිරීමට ද බලාපොරොත්තු වන්නෙමු. හොදම පැවරැම් සියල්ල අන්තර්ජාලයේ පළකිරීමට ද අපේක්ෂිතය.
- ඔලිම්පික් සමාරම්භක සැණකෙලිය සේ බස්නාහිර පළාතේ සියළු ගුරැවරියන්ගේ සහභාගිත්කයෙන් සිදුවන සංස්කෘතික ඉදිරිපත් කිරීම් පැයක කාලයක්.
- ඒක් දිස්තිකයකට විනාඩි 40 බැගින් ලබා දෙනු ඇත. කණ්ඩායම් ලෙස සංස්කෘතික, හෝ සෞන්දර්යාත්මක අංග කිහිපයක්දි ඉරිපත් කිරීම් සදහා. හොදම නිර්මාණශීලි ඉදිරිපත් කිරීම් වලට සම්මාන දෙමු.
- පෙර පාසල් ඒ්කකයේ අධ්යක්ෂ මහින්ද කොඩිතුවක්කු මහතාගේ මගපෙන්වීම යටතේ මෙම වැඩසටහන සංවිධානය කිරීමට සියළු පෙර පාසල් ගුරැවරියන් කැපවෙනු ඇතැයි අපේක්ෂාා කරන්නෙමු.
කොරෝනා නිසා මුළු රටම අකර්මන්‍ය වු අවස්ථාවක බස්නාහිර පළාතේ පෙර පාසල් ගුරැවරියන් නගාසිටවීමට RPL හරහා NVQ 4 වන මට්ටම නොමිලේ ලබාදීමේවැඩසටහන සදහා දැඩි කැපවීමෙන් පුරෝගාමිව කටයුතු කළේ බස්නාහිර පළාත් පෙර පාසල් ඒ්කකයේ අධ්යක්ෂ මහින්ද කොඩිතුවක්කු මහතා ය. ලිඛිත හා ප්‍රයෝගික විභාග සමත්වීම සදහා අවශ්‍ය සියළු දැනුම ශත පහක වැයකිරීමකින් තොරව SAIIHE ආයතනයේ Youtube නාලිකාව හරහා දිවයිනේ සිටින සියළුම පෙර පාසල් ගුරුවරියන්ට මුළුමනින්ම නොමිලේ ලබා ගත හැක.
විවිධවංචනික පුද්ගලයින් NVQ ලිඛිත විභාගයට සුදානම් කරවීමට යැයි පවසමින් මුදල් අයකරමින් එක් දින සම්මන්ත්රණ මාලාවක් හරහා මුදල් ගරාගැනීමේ වංචනික උත්සාහයක නිරත වන බව දැන ගන්නට ලැබි ඇත.
ඔබට RPL හරහා NVQ 4 ලබාගැනීමට අවශ්‍ය සම්පුර්ණ මගපෙන්වීම බස්නාහිර පළාත් පෙර පාසල් ඒකකයේ අධ්යක්ෂතුමා ලබාදෙන අතර වංචනිකයන්ගේ සම්මන්ත්‍රණවලට හසුනොවන ලෙස දන්වා සිටිමු.
මේ පිළිබදව කවර හෝ තොරතුරක් ලද හොත් අප වෙත දන්වන ලෙස ද ඉල්ලා සිටිමු.
SAIIHE ආයතනය බස්නාහිර පළාතේ මුල් ළමාවිය සංවර්ධන ගුරුවරියන්ට කරන සේවයක් ලෙස RPL හරහා NVQ ලබාගැනීමට අවශ්‍ය දැනුම හා උපරිම සහාය ලබාදෙයි. නමුත් SAIIHE ආයතනයට මේ වැඩසටහන සම්බන්ධව නිරන්තරයෙන් බොහෝ දුරකථන ඇමතු පෙර පාසල් ගුරුවරියන්ගෙන් එනවිට එය ආයතනයේ සාමාන්‍ය කටයුතුවලට විශාල බාධාවක් වේ. පෙර පාසල් ගුරැවරියන්ගේ ගැටළු/ප්‍රශ්ණ/අවශ්‍යතා ඔවුනගේ කොට්ඨාශය බාර සංවර්ධන නිළධාරීන්ට දැනුම් දෙන ලෙස උපදෙස් දුනි. සංවර්ධන නිලධාරීන් මෙම වැඩසටහනට අදාල සියලු ගැටළු/අවශ්‍යතා බස්නාහිර පළාත් පෙර පාසල් ඒ්කකයේ අධ්‍යක්ෂතුමාට දැනුම් දුන් විට ඒතුමා SAIIHE ආයතනය හා සන්නිවේදනය කරගනිමින් අවශ්‍ය පිළියම් යොදනු ඇත. පෙර පාසල් ගුරුවරියන් තමන්ට අදාල ඔ්නෑම ගැටළුවක්/පැහැදිලි කර ගැනිමක් තම කොට්ඨාශ බාර සංවර්ධන නිළධාරී මහතා/මහත්මියට දැනුම් දෙන්න. සංවර්ධන නිළධාරීන් ඔබගේ සියළු ගැටළුවක්/පැහැදිලි කර ගැනිම් මහින්ද කොඩිතුවක්කු මහතා හරහා ආයතනය හා සාකච්චා කර අවශ්‍ය පිළියම් යොදනු ඇත. ඒයට අමතරව ඔබගේ අදහස්/යෝජනා/චෝදනා ඇතුළු කිරීමට පොරමයක් ඉහත දක්වා ඇත. ඒහි ඔබ සදහන් කරන කරැණුවලට ආයතනය පිළිතුරු සතිය අවසානයේදී ලබා දෙනු ඇත. මහින්ද කොඩිතුවක්කු මහතා ලබාදුන් මෙම උපදෙස් අනුගමනය කිරීමට අපි සැම වගබලාගමු.