Primary

මුල් ළමාවිය අධ්‍යාපනය අවසන් කර පාසල වෙත පියනගන දරුවාගේ ජීවිතයේ තීරණාත්මක අවධියක් වන්නේ ප්‍රථමික අධ්‍යපනයයි. ප්‍රාථමික පන්තිවල දරැවන්ට ඉගැන්වීම් කාර්යහි නිරතවන ගුරැවරියන් විෂයමාලාව පිළිබදව මෙන්ම වෘත්තීය විෂයයන් පිළිබදව ද මනා නිපුණත්වයක් දැරිය යුතු ය.

පළමු වසරේ සිට 5 වන වසර දක්වා වන දරැවන් සදහා අමතර පන්ති කිරීම සදහා බොහෝ මුල් ළමාවිය සංවර්ධන ගුරැවරීයන් පෙළෙඹේ. ඒය ඔවුන්ට අමතර ආදායමකි. දිවා සුරකුම් මධ්‍යස්ථානවල සවස් වරැව රැදෙන ප්‍රථමික පන්තිවල දරැවන්ගේ ගෙදර වැඩ මුල් ළමාවිය සංවර්ධන ගුරැවරීයට දිවා සුරකුම් මධ්‍යස්ථානයේදී සහාය විය හැකි නම් ඒය දෙමාපියන්ට ද අස්වැසිල්ලකි. ඒ් සදහා මුල් ළමාවිය විෂයමාලාව පිළිබදව මෙන්ම පළමු වසරේ සිට පස් වන වසර දක්වා විෂයමාලාව, නිපුණතා, නිපුණතා මට්ටම්, ඉගැන්වීම් ක්‍රම පිළිබදව ද මනා පරිචයක් තිබිය යුතු ය.  ප්‍රථමික දරැවන් සදහා පෞද්ගලික උපකාරක පන්ති පවත්වන තරැණ තරුණියන්ටට ද මෙම නිපුණත්වවයන් අත්‍යවශය ය.

ප්‍රථමික වසරවල සිටින දරුවන්ට ඉගැන්වීම සදහා දෙමාපියන් පෙළඹුුුන ද ඔවුන්ගෙන් බහුතරයකට ප්‍රථමික අධ්‍යාපන විෂයමාලාව පිළිබදව හෝ අපේක්ෂිත නිපුණතා පිළිබද ප්‍රමානවත් අවබෝධයක් නොමැත. දෙමාපියන්ට ප්‍රථමික විෂයමාලව පිළිබද හසල දැනුමක් තිබේ නම් පුංචි දුවා දරුවන් රැල්ලට පළමු වසරේ සිට අමතර පංතිවලට දැක්වීම ද අවම වනු ඇත.

මේ සියළු කාරණා සලකා කොරෝනා වෛරස් තත්ත්වය නිසා අඩපණ වී ඇති ප්‍රථමික පංතිවල දුවා දරුවන්ගේ අධ්‍යපන කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම සදහා ප්‍රථමික අධ්‍යාපනය පිළිබද දේශනමාලාවක් නොමිලේ නාලිකාව හරහා ගෙන ඒමට අදහස් කළෙමු. ව්‍යාපාරික චේතනාවෙන් හෝ ලාභ පරමාර්ථයෙන් නොව මාතෘභුමියේ සමස්ත දරැපරපුරේ හෙට දවස යහපත් කරලීම සදහා ගුරු පරපුර නිපුණත්වයෙන් සන්නද්ධ කිරීම සදහා ආයතනය ගෙන වැඩසටහන් මාලාවේ තවත් ඒක වැඩසටහනක් ලෙස මෙය ගෙන ඒන්නෙමු.

මෙම දේශනමාලාව ඔබ වෙත ගෙන ඒමේදී දැරීමට සිදුවන නිෂ්පාදන වියදම පියවා ගැනීම සදහා පමණ ඔබගේ දායකත්වය අපේක්ෂා කරන්නෙමු. ප්‍රථමික අධ්‍යාපනය පිළිබද අප පවත්වන දේශණමාලාව වෙනුවෙන්ම රු 500 ක මුදලක දායකත්වයක් ලබා දෙන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිමු. මෙම දේශනමාලාවේ හා ආයතනය ශක්තිමත් ගුරැ පරපුරක් සෑදීම වෙනුවෙන් දරණ ප්‍රයත්නයේ වටිනාකම ඔබගේ හදවතට දැනේ නම් පමණක් උක්ත දායකත්වය ලබා දෙන්න.

ලංකා බැංකුවේ විජේරාම ශාඛාවේ ඇති අංක 76637021  දරණ “දකුණු ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනය” යන ගිණුමට දිවයිනේ පිහිටි  ඔ්නෑම ලංකා බැංකු ශාඛාවකින් හෝ අන්තර්ජාලය හරහා රු 500 ක මුදල බැර කරන්න. අන්තර්ජාලය හරහා ගෙවීමේදී ගිණූම පිහිටි ශාඛාව යන්නට “විජේරාම ශාඛාව” ලෙස සදහන් කරන්න. දේශනවලට සහභාගි වන අයගේ හැදුනුම්පත් අංකය  හා නම පැහැදිලිව බැංකු ලදුපතේ සටහන් කර  0727573044 අංකයට whatsapp මගින් ඒවන්න.  ඉන්පසු පහත පෝරමය පුරවා submit කරන්න.

ඒසේ ලියාපදිංචි වී දේශණවලට සහභාගි වන අයගේ whatsapp Group ඒකක් සකස් වන අතර ඒම whatsapp Group ඒකට දේශණ අත්පතිකා යොමු කෙරෙනු ඇත. Zoom තාක්ෂණය ඔස්සේ ඔවුනට සජීවිව දේශණවල දී කථිකාචාර්යවරු සමග සම්බන්ධ විමට whatsapp Group ඒකට අදාල  Links යොමු කෙරෙන ඇත.

ලියාපදිංචි වී දේශන මාලාව සාර්ථකව සම්පුර්ණ කරන අයට ආයතනය පවත්වන ප්‍රථමික අධ්‍යාපනය පිළිබද ඇගයීම් ක්‍රියාවලියට පෙනී සිට ප්‍රථමික අධ්‍යාපනය පිළිබද සහතික පත ද ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.