Child Care with NVQ Level 4

 ශ්‍රී ලංකාවේ පවතින නීතිය අනුව මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සදහා ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) හෝ රජය පිළිගත් මුල් ළමාවිය සංවර්ධනය පිළිබද ඩිප්ලෝමා සහතිකකයක් තිබිය යුතු ය. නමුත් ඒම සුදුසුකම දිවා සුරකුම් මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම සදහා සුදුසුකමක් නොවේ.

වර්ථමාන නීතිය අනුව මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය, දිවා සුරකුම් මධ්‍යස්ථානයක් ලෙස ද පවත්වාගෙන යන්නේ නම් ඒ් සදහා වෙනම ලියාපදිංචි කළ යුත ය. ඒ සදහා කාර්ය මඩුල්ලට දිවා සුරකුම් පිළිබද වෙනම වෘත්තීය සුදුසුකම් තිබිය යුතු ය. දිවා සුරකුම් මධ්‍යස්ථානයක් ලෙස ලියාපදිංචි නොකර පෙර  පාසල් වයස් කාණ්ඩයට අයත් නැති  දරැවන් රැකබලාගැනීම , සවස් වරැවේ ළමුන් රැකබලා ගැනීම,  හෝ දිවා සුරකුම් සේවා සැපයීම නීත්‍යනුකුළ නොවේ. දිවා සුරකුම් මධ්‍යස්ථානයක් ලියාපදිංචි කිරීමට හෝ සේවා සැපයීමට දේශීයව හා අන්තර්ජාතිකව වඩා පිළිගත් සහතිකය වන්නේ දිවා සුරකුම් සම්බන්ධ ජාතික වෘත්තීය සුදුසුකම් NVQ 4 වන මට්ටමේ සහතිකයයි.

NVQ 4 වන මට්ටම ලබාගත හැකි කමවේද දෙකකි. 

  1. Competency Based Training (CBT) – තීතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ ලියාපදිංචි වෘත්තීය පුහුණු ආයතනයක පනීතනය කරන ලද දිවා සුරැකුම් පිළිබද පාඨමාලාවක් හදාරා ඒම ආයතනය හරහා NVQ ඇගයීම් කයාවලියට ඉදිරිපත්ව NVQ 4 වන මට්ටම ලබාගත හැක. 
  2. Recognized Prior Knowledge (RPL) – EPF/ETF මගින් හෝ පිළිගත් කමවේදයක් ඔස්සේ  සනාථ කළ හැකි වසර 4 ක සේවා කාලයක් ඇති අයට මේ ඔස්සේ ඉදිරිපත් විය හැක.  වසර 4 කට වැඩි කාලයක් ව්‍යාපාර ලියාපදිංචිය සහිත තමාගේ පෙර පාසලට හෝ දිවා සුරකුම  මධ්‍යස්ථානයට හිමි අයට හෝ මුල් ළමාවිය සංවර්ධන ගුරැවරියන්ට/ දිවා සුරැකුම් පාලිකාවන්ට තම දැනුම පදනම් කරගෙන (RPL කමය ඔස්සේ) NAITA ආයතනය හරහා NVQ කියාවලියට ඉදිරිපත් විය හැක. (ඇගයීම් කටයුතු සදහා රු 10,000.00 කට ආසන්න මුදලක් වැය වේ. එම මුදල ගෙවීමට ඇත්තේ අධියර කිහිපයකිනි.) 

ඉහත කම දෙකෙන් කවර කමය යටතේ NVQ ලබාගැනීමට ඉදිරිපත් වුවත් National Competency Standards (NCS) හි සදහන් නිපුණතා සියල්ල අයදුම්කරු සම්පූර්ණ කර ගත යුතු ය. තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVEC)  පවත්වන ලිඛිත හා පායෝගික පරීක්ෂණවලින් සමත් විය යුතු ය.

මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබද ගුරු පුහුණු ආයතනයක වන අප ආයතනය ළමා රැකවරණය පිළිබද ජාතික වෘතතිය සුදුසුකම් 4 වන මට්ටමට අදාල විෂයමාලාවට අදාල නිපුණතා අන්තර්ජාලය ඔස්සේ දේශණමාලාවකින් ලබාදීමට තීරණය කළෙමු. 

ළමා රැකවරණය පිළිබද උනන්දුව දක්වන මුල් ළමාවිය සංවර්ධන ගුරැවරියන්ට, දිවා සුරකුම්මා මධ්‍යස්ථාන ආරම්භ කිරීමට බලාපොරොත්තු වන ගුරැවරියනට, දෙමාපියන්ට, පාසල් අධ්‍යාපනය අවසන් කළ තරැණ තරැණියන්ට මෙන්ම රැකියා සදහා හෝ පදිංචිය සදහා විදේශගතවීමට බලපොරොත්තු වන තරැණ තරැණියන්ට මෙම දේශණමාලාව ඉතා ප්‍රයෝජනවත් වනු ඇත. විශේෂයෙන් කොරෝනා වෛරස් තත්ත්වය නිසා නිවාසවලට වී සිටින සැමට මෙම දේශණමාලාව ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

දේශණමාලාව අවසානයේ දකුණු ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනය පවත්වන ළමා රැකවරණය පිළිබද අගයීම් ක්‍රියාවලියට ඉදිරිපතව සහතික පත්‍ර ලබා ගත හැක. NVQ (Child Care) 4 වන මට්ටමට අදාල සම්පූර්ණ දැනුම මෙමගින් ලැබෙන හෙයින්  RPL ක්‍රමය යටතේ NVQ 4 වන මට්ටම ලබාගැනීමට ඉදිරිපත්ව NVQ (Child Care) 4 වන මට්ටමට ලබාගැනීමට ද අවස්ථාව හිමි වේ.

දේශනමාලාව පිළිබද විස්තර පහත දැක්වේ.

දේශණ සංඛ්‍යාව.          –           පැය 3 බැගින් වු දේශණ 40 කි.

කාලය                          –           2020 නොවැම්බර් 15 වන දින සිට 2021 මාරතු 31 දක්වා සතියකට දේශණ 2 බැගින්

අයකිරීම                       –           රැ 5000.00 කි. (මෙම මුදල වලංගු වන්නේ 2020.11.15 වන දිනට පෙර ලියාපදිංචි වන අයට පමණි. ඒදෙනෙන් පසු ලියාපදිංචි වන අයට ලියා පදිංචි ගාස්තුව රැ 10,000.00 කි.)

ලියාපදිංචි වන ආකාරය – ලංකා බැංකුවේ විජේරාම ශාඛාවේ ඇති අංක 76637021  දරණ “දකුණු ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනය” යන ගිණුමට දිවයිනේ පිහිටි  ඔ්නෑම ලංකා බැංකු ශාඛාවකින් හෝ අන්තර්ජාලය හරහා ඉහත මුදල බැර කරන්න. අන්තර්ජාලය හරහා ගෙවීමේදී ගිණූම පිහිටි ශාඛාව යන්නට “විජේරාම ශාඛාව” ලෙස සදහන් කරන්න. දේශනවලට සහභාගි වන අයගේ හැදුනුම්පත් අංකය  හා නම පැහැදිලිව බැංකු ලදුපතේ සටහන් කර  0727573044 අංකයට whatsapp මගින් ඒවන්න.  ඉන්පසු පහත පෝරමය පුරවා submit කරන්න.

මෙම මුදලට මෙම දේශණ මාලාව මේ අවස්ථාවේ ආයතනය ලබාදෙන්නේ කොරෝනා වෛරසය නිසා නිවස්වල හුදකලා වී සිටින ගුරැවරියන්ට කරන සේවයක් ලෙස ය. මෙම මුදල අයකරන්නේ දේශණ ගාස්තු, විඩියෝ පටිගත කිරිම් හා කළමණාකරන වියදම් සදහා ශාල මුදලක් වැය වන හෙයින් ඒම වියදම් පියවා ගැනීම සදහා ය. ආයතනයේ සාමාන්‍ය ළමා රැකවරණ පාඨමාලාවේ ගාස්තුව රැ 50,000 කි. මෙම සහනදායි මුදලට අනතර්ජාලය ඔස්සේ ලබාදෙන දේශණ මාලාවෙන් ද සාමාන්‍ය ළමා රැකවරණ පාඨමාලාවේ සම්පූර්ණ දැනුම ම ඔබට ලබා දෙයි.

උක්ත මුදල ගෙවා අන්තර්ජාලය හරහා ලියාපදිංචි වන අයට පමණක් ආයතනයේ You Tube නාලිකාව හරහා මෙම දේශණ මාලාවට සහභාගිවීමට අවස්ථාව හිමි වනු ඇත. NVQ (Child Care) 4 වන මට්ටම ලබාගැනීමට අවශ්‍ය මග පෙන්වීම ද ඔවුනට නොමිලේ ලබා දෙනු ඇත.