ICT for Career Enhancement පාඨමාලාව තුළින්  වෘත්තීය ජීවිතයට අවශ්‍ය පරිඝණක දැනුම, අන්තර්ජාලා හරහා තම වෘත්තීය ජීවිතය සාර්ථක කර ගැනීම සදහා අවශ්‍ය වන නිපුණත්වය වෙබ් අඩවියක් සකස් කර ඔබගේ ව්‍යාපාරික කටයුතු හා පුහුණු කටයුතු අන්තර්ජාලය හරහා කිරීමට අවශ්‍ය නිපුණත්වය නොඅඩුව ලැබෙනු ඇත. 

ඔබ පාසල් ශිෂ්‍යයෙකු, විශ්වවිද්‍යාල හෝ වෘත්තීය පුහුණුව ලබන්නෙකු, රැකියාවක් කරන්නෙකු හෝ රැකියාවක් සොයන්නෙකු හෝ කවර වෘත්තීය කේෂ්ත්‍රයක සිටිය ද කවර අධ්‍යාපන මට්ටමක ඔබ සිටිය ද මේ දේශණ මාලාව ඔස්සේ ඔබ ලබන පරිඝණක සාක්ෂරතා දැනුම ඔබගේ ජීවිතයට ශක්තියක් වනු ඇත. මුල් සිට සරලව සංකීරණ මට්ටම දක්වා නිපුණත්වය වර්ධනය කරගනු ඇත.

පැය 03 බැගින් වු දේශණ 25 කින් සමන්විත මෙම දේශණමාලාව සහතික පත්‍ර පාඨමාලාවක් ලෙස ක්‍රියාත්මක වේ.

සාමාන්‍ය පාඨමාලාව – විභාග ගාස්තු ද සමග සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු 20,000.00 කි

අන්තර්ජාලය හරහා පැවැත්වෙන පාඨමාලාව – සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු 2,000.00 කි. 

කොරෝනා වෛරස් තත්ත්වය නිසා  නිවස්වලට හුදකලා වන ඔබගේ අපතේ යන කාලයට අර්ථයක් ලබාදීම සදහා අන්තර්ජාලය හරහා පැවැත්වෙන  Online පාඨමාලාවක් (ICT for Career Enhancement) ඔබ වෙත ගෙන ඒනු ඇත. අන්තර්ජාලය හරහා පැවැත්වෙන පාඨමාලාව  Youtube හරහා නොවැම්බර් මස අවසානයේ සිට ජනවාරි දක්වා පැවැත් වේ. එම කාල වකවානුව තුළ  දේශණ 25 කින් මෙම විශේෂ පාඨමාලව පැවැත්වෙනු  ඇත.

පාඨමාලාවේ අන්තර්ගතය 

How to create E mail Account

How to operate google drive and google apps

How to Create a You tube Chanel

How to collaborate your videos in others You tube Channels

How to use Zoom

How to get Microsoft team free of charge

How to develop attractive PowerPoint Presentations

How to make Professional Videos using Mobile phone

How to edit Videos using Adobe premier.

How to get 300 $ free of charge to host web sides.

How to take domain for Your web site

How to develop a website

How to upload websites free of charge for the period of one year.

How to upload your web site for your Business

Mail merge and advance techniques in MS

Advance techniques in MS Excel

How to use Adobe photoshop for Photo editing and advertising

How to mange all social media

ඇතුළුව තව බොහෝ වැදගත් මාතෘකා ආවරණය කරණු ඇත.

උක්ත මුදලට අන්තර්ජාලය හරහා පැවැත්වෙන පාඨමාලාව හැදැරීමට අවස්ථාව ලැබෙන්නේ සිමිත පිරිසකට පමණි.

පුර්ව දැනුම් දීමකින් තොරව මෙම මුදල ඉහළ යා හැකි බැවින් වහාම ලියාපදිංචි වී මෙම මුදලට පාඨමාලාව හැදැරීමට අවස්ථාව උදාකර ගත හැක.  2020.11.12 දින හෝ ඒදිනට පෙර මෙම පාඨමාලාව සදහා බැංකුවට මුදල් ගෙවු අය ඒම ගෙවු මුදල පමාණවත් වන අතර නැවත වැඩිපුර ගෙවීමට අවශ්‍ය නැත.

මෙම මුදලට පාඨමාලාව හැදැරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ කොරෝනා වෛරස් තත්ත්වය නිසා දෛනික ජන ජීවිතය අකර්මණ්‍ය වී ඇති අවස්ථාවක ආයතනය ලබා දෙන සහනයක් ලෙස පමණි.  

මුදල් ගෙවිය යුතු ආකාරය

ලංකා බැංකුවේ විජේරාම ශාඛාවේ ඇති අංක 76637021  දරණ “දකුණු ආසියා අන්තර්ජාතික උසස් අධ්‍යාපන ආයතනය” යන ගිණුමට දිවයිනේ පිහිටි  ඔ්නෑම ලංකා බැංකු ශාඛාවකින් හෝ අන්තර්ජාලය හරහා රු 2000 ක මුදල බැර කරන්න. අන්තර්ජාලය හරහා ගෙවීමේදී ගිණූම පිහිටි ශාඛාව යන්නට “විජේරාම ශාඛාව” ලෙස සදහන් කරන්න. දේශනවලට සහභාගි වන අයගේ හැදුනුම්පත් අංකය  හා නම පැහැදිලිව බැංකු ලදුපතේ සටහන් කර  0727573044 අංකයට whatsapp මගින් ඒවන්න.  ඉන්පසු පහත පෝරමය පුරවා submit කරන්න.

බැංකුවට ඉහත මුදල ගෙවා පහත පොරමය පුරවා ඒවන අයට හරහා සජීවිව you tube හරහා දේශණවලට සම්බන්ධවීමට හා උපදේස් විද්‍යුත් තැපැලෙන් ඒවනු ඇත.

මෙම පාඨමාලාව හරහා ඔබගේ ඒදිනෙදා වෘත්තීය ජීවිතයට අවශ්‍ය පරිඝනක සාක්රතාව නොඅඩුව ලැබෙනු ඇත. ඔබ ගෙවන මුදලට වඩා විශාල දැනූමක් ඔබට ලැබෙනු ඇත. උක්ත මුදල අයකරණූ ලබන්නේ දේශණමාලාව ඔබවෙත ගෙනඒ්මේදි දැරීමට සිදූවන පිරිවැය පියවා ගැනීම සදහා ය.

මුදල් ගෙවා ලියාපදිංචි වු සිසු සිසුවියන් දේශණ නැරඹීම සදහා හා සජීවීව දේශණ සදහා සහභාගිවීමට මෙම Link මත Click කරන්න. 

Last Update: 12.11.2020 11.00pm