Introduction

Covid 19 ව්‍යසනය සමග සාම්ප්‍රදායික පන්ති කාමර පරිසරය විශාල වෙනසකට භාජනය විය. කායිකව එකිනෙකා සමීපව හිදිමින් ඇසට ඇස ගැටෙන ලෙස පැවති සාම්ප්‍රදායික ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රමවේද වෙනුවට අන්තර්ජාලය ඔස්සේ සජීවීව ඉගෙනුම් අත්දැකීම් ලබන සුහුරු පන්ති කාමර (Smart Class room) වඩා ප්‍රචලිත විය.

ගුරුවරයා සජීවීව ලබාදෙන දැනුම සිසුවා තම නිවසේ සිට සජීවීව පරිගණකයක් ඇසුරෙන් හෝ් තම ජංගම දුරකථනය ඔස්සේ ලබාගනිමින් තම අධ්‍යාපන අවශ්‍යතා සුපරා ගන්නා මට්ටමට ඉගැන්වීමේ ක්‍රමවේද වෙනස් වුනි. සිසුවා සිටින ස්ථානය ඔහුට තම අධ්‍යයන අවශ්‍යතා ඉටුකර ගැනීමට කිසිදු බාධාවක් නොවුනි. Covid 19 වෛරසය, ඇදිරි නීතිය, සමාජ දුරස්තතාවය වැනි විවිධ බාධක තිබුන ද විශේෂයෙන්ම ගුණාත්මක වෘත්තීය අධ්‍යාපන ආයතන හා උසස් අධ්‍යාපන ආයතන තම පුහුණු කටයුතු හා ඉගැන්වීමේ කටයුතු සුපුරුදු පරිදි පවත්වාගෙන ගියේය.

අප ආයතනය ද Covid 19 වසංගතය එන විට පවත්වා ගෙන ආ පාඨමාලාවල දේශණ කිසිදු බාධාවකින් තොරව අන්තර්ජාලය ඔස්සේ සාර්ථකව පවත්වන ලදි. ඇදිරී නිතිය හෝ වෙන කිසිදු සමාජ දුරස්ථතාවක් සිසු සිසුවියන්ගේ අධ්‍යයන කටයුතු වලට බාධාවක් නොවීය.

අන්තර්ජාලය හරහා සම්බන්ධ වෙමින් පාඨමාලාව නිම කර ගත් කලින් සිටි කණ්ඩායම්වල ගුරු සිසු සිසුවියන්ට මාසයක දේශනයක් සදහා Data සදහා වැය වී තිබුනේ  Rs. 300 කට වඩා මුදලකි. ඔවුන් පුහුණු මධ්‍යාස්ථානයට පැමිණ පාඨමාලාව හදාරන්නේ නම් දිනකට බස් ගාස්තු හා සෙසු වියදම් සදහා වැයවන පිරිිවැයට වඩා මෙම තත්ත්වය වාසිදායක විය. මේ නිසා රටම lock down වී සිටි පරසරයක පවා අපගේ ගුරු සිසු සිසුවියන් තම පාඨමාලා සාර්ථකව නිම කර ගන්නා ලදි.

Covid 19 ව්‍යසන තත්ත්වය කෙමෙනේ කෙමෙන් පහව යන නිසා සාමාන්‍ය පන්ති කාමරය තුළ දේශන පැවැත්වීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවසර ලැබී ඇත. ආයතනය සාමාන්‍ය පන්ති කාමරය තුළ ගුරු – සිසු දෙපිරිස ඒකට රැස්ව පවත්වන සාමාන්‍ය දේශන ක්‍රමයට හා අන්තර්ජාලය හරහා නව කණ්ඩායම් සදහා පාඨමාලා ආරම්භ කර ඇත.

අන්තර්ජාලය හරහා හා සාමාන්‍ය පන්ති කාමරය තුළ පවත්වන පන්ති සදහා ආයතනය නවක සිසු සිසුවියන් බදවා ගැනීම මේ වන විට ආරම්භ කර ඇත. ඔබත් මීලග කණ්ඩායම සමග එක්වෙමින් වෘත්තීය සුදුසුකම් සහිත නිපුණතා පිරි ගුරැවරියක් වීමට කැමති නම් අදම www.saiihe.com වල ඇති online Apply මගින් පාඨමාලාවට ලියාපදිංචි වී  පාඨමාවේ දේශණවලට සහභාගි වන්න.

ඔබ දිවයිනේ පමණක් නොව ලෝකයේ කවර ස්ථානයක සිටිය ද online හරහා දේශනවලට සම්බන්ධ වී පාඨමාලාව සම්පූර්ණ කර ගැනීමට ද මේ අවස්ථාව දැන් උදාවී ඇත.

පාඨමාලාවට ලියාපදිංචි වීම සදහා Apply online  මත Click කරන්න. අයදුම්පත සම්පුර්ණ කර එවු පසු ඔබට වැඩි විස්තර Email මගින් එවනු ඇත.

වැඩි විස්තර අවශ්‍ය නම් සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා 0112815001 හෝ 0706815001 අමතන්න. ක්ෂණික විමසීම් සදහා 0727573044 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.